தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ටෙලිකොම් ’ස්පීඩ් අප්’කාන්තා අංශයේ ජය දිනේෂා දිල්රුක්ෂිට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටෙලිකොම් ’ස්පීඩ් අප්’කාන්තා අංශයේ ජය දිනේෂා දිල්රුක්ෂිට



ඊයේ අවසන්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ’‘එස්එ.ල්ටී.’ ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ කාන්තා අංශයේ තරගයේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි සමත් විය.

දෙදිනක් පුරා පැවැති මෙම කාන්තා අංශයේ තරගයේ අදියර දෙකකි. එම අදියර දෙක අවසන් කිරීම සඳහා දිනේෂා දිල්රුක්ෂි පැය 5 යි, විනාඩි29 යි. තත්පර 01 කාලයක් ගත විය.

එම තරගයේ ප්‍රථම ස්ථාන තුනම ගුවන් හමුදාවේම ක්‍රීඩිකාවන් වන සුදාරිකා ප්‍රියදර්ශනී, පංචාලි සුලෝචනා හා නිරෝෂනී පෙරේරා හිමිකර ගැනීමට සමතව ඇත.

පිළිවෙලින් එම තරගයේ දෙවැනිල තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගත්හග තරග නිමි කාලයට අනුව දිනේෂා සෙසු ක්‍රීඩිකාවන්ට වඩා විනාඩි 6 ක් පමණ කාලයක් ඉදිරියෙන් සිටීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් වියග

කාන්තා තරගය සිකුරාදා ඇරඹී ඊයේ සෙනසුරාදා අවසන් විය.පළමු අදියර කොළඹ සිට කෑගල්ල දක්වා එක් අදියරක්ද, දෙවැනි දින කෑගල්ලේ සිට කුලියාපිටිය දක්වා දෙවැනි අදියර ලෙස පැවැත්විනි. අදියර දෙකෙහිම සමස්ථ දුර ප්‍රමාණය කිලෝ මීටර් 175 කි.

කාන්තා තරග පළමු ස්ථාන 05 හිමිවූයේ මෙසේය.

1 දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව)
2 සුදාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව)
3 පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව)
4 නිරෝෂනී පෙරේරා (ගුවන් හමුදාව)
5 ශාලිකා දිල්හානි (යුද හමුදාව)




Related News