Posted on 08.18.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
අද දින(18) අවසන්වනවිට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලංකා කණ්ඩායම කඩුළු 06 ක ජයක් හිමිකරගැනීම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ලංකාව සමත්ව තිබේ.
ප්‍රසාද ලකුණු 60ක් හිමිකර ගනිමින් ලකංා පිල මෙම ස්ථානයට පැමිණ ඇත. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලිය යටතේ ශ්‍රි ලංකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක් තරඟය බැඟින් ක්‍රිඩාකර තිබේ. ඒ අනුව ශ්‍රි ලංකාව සහභාගී වු පළමු තරඟය ජය ගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ රැදි සිටියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද එංගලන්තයට එරෙහිව සහභාගී වු පළමු තරඟය ජය ගත් අතර ඔවුන් ප්‍රසාද ලකුණු 24ක් ලබා ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබේ.