Posted on 09.14.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගියදා නැවත වරක් ඩීසල් ගාස්තු වැඩිකිරීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් අවශය බව පෞද්ගලික බස් හිමියේ ආණ්ඩුවට තර්ජනාත්මකව පවසා තිබේ.
මින් පෙර එකතවී පැවති ආකාරයට ඩීසල් පිරිවැය 4% වැඩිවන සෑම අවස්ථාවකදීම බස්ගාස්තු සංශෝධනයක් ගෙන එන්නට හැකියාවවක් තිබිණි. එහෙත් මැයි මාසයේ 12.5% බස් ගාස්තු සංශෝධනයේදී එම පිළිවෙත අහෝසි කරන්නට ඇමති මණ්ඩලය තීරණය කළහ. මේ වනවිට වර්ෂය තුළ වරින්වර රු.24කින් ඩිසල් මිල ඉහල ගොස් ඇති නිසා නැවත වරක් බස්ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවද නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නට සිදුවන බවද බස් සංගම් නියෝජිතයෝ ආණ්ඩුවට අනතුරු අගවති.