Posted on 04.15.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් වැළැක්වීමේ එන්නත ලබාගත් පිරිසගෙන් ඇතැම් විට රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවීමත් සමග ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම නවතා දමා ඇත.
පසුගිය සතියේ කැටි ගැසීම් සමඟ එන්නතෙහි සම්බන්ධයක් ඇති බව නිවේදනය කළ නමුත් කොවිඩ් -19 මියයාමේ අවදානම ඊට වඩා විශාල බව යුරෝපා ඖෂධ ඒජන්සිය ප්‍රකාශකර ඇත. යුරෝපීය රටවල් කිහිපයක් මීට පෙර ‘ඇස්ට්‍රා සෙනකා’ එන්නත් භාවිතය අත්හිටුවා තිබුණි.
මේ අතර, එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපා සංගමය, රුධිර කැටි ගැසීම සම්බන්ධයෙන් ගැටලු හේතුවෙන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ද අත්හිටුවා තිබේ. දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එරෙහිවැඩි පලදායීතාවය හේතුවෙන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතයට ගත් දකුණු අප්‍රිකාව ද එහි භාවිතය නවතා දමා ඇත.
කෙසේවෙතත්, සංඛ්‍යාලේඛන දත්ත අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් දෙවර්ගයම ලබාදුන් පුද්ගලයන් අතර රුධිර කැටි ගැසීමේ අතුරු ආබාධ අවමය.
මේ ආකාරයෙන් යුරෝපා සංගමය විසින් එන්නත ඉවත් කිරීම, එන්නත සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම ගැටලුව සම්බන්ධ තීරණයක් නොගැනීමේ තත්වය අභියෝගයට ලක්ව ඇත.
මේ අතර ඩෙන්මාර්කයේ තීරණය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ‘ඇස්ට්‍රා සෙනෙකා’ ආයතන ප්‍රකාශකයෙක් පවසා තිබුණේ ඩෙන්මාර්ක් සෞඛ්‍ය බලධාරින්ගේ තීරණයට ගරු කරන බවය. එන්නත් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම, එන්නත් තොරාගැනීම මෙන්ම අත්හැර දැමීම එක් එක් රටවල සෞඛ්‍ය තීරක බලධාරින් විසින් කළ යුතු බව තමන් පිළි ගන්නා බවද තම නිෂ්පාදනය සම්බන්ධ සියලු දත්ත එවැනි තීරණ ගැනීමේදී සහාය පිණිස ලබා දෙන බවද එම නිවේදනයේ සඳහන්ව තිබිණි.