Posted on 03.10.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ඬේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමිවිය.
සිරියාවට එරෙහිව කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1 ක් ලෙස පරාජය විය. ශ්‍රී ලංකාව අවසන් මහ තරගය පරාජය වූයේ අවසන් මහ තරගය දක්වා පැමිණි අපරාජිත ගමනකින් පසුවය. අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් තරගයට සහභාගි වූ කණ්ඩායම් දෙකම ඬේවිස් කුසලාන කනිෂ්ට තරගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියරට තේරී පත්වන බැවින් සිරියාව මෙන්ම ශ්‍රී ලංකාවද ඬේවිස් කුසලාන තරාගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියරට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටිති.
අවසන් මහ තරගය ■ චාතූර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස පෙයිරී ඞ්ජාරෝච් (සිරියාව) පරාජය කරන ලදි. (6/2, 6/3) ■ ටයිම් අල් අස්මී (සිරියාව) විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/0) ■ ටයිම් අල් අස්මී සහ පෙයිරී ඞ්ජාරෝච් (සිරියාව) විසින් වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර සහ ධිල්වන් හේරත් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (7/5, 6/3)