தமிழ்
English
Contact
Friday 3rd May 2019    
තනි පුද්ගලයෙකුට බලය තිබීම නරකයි, තීන්දුව ඉක්මනින් දෙන්න - ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තනි පුද්ගලයෙකුට බලය තිබීම නරකයි, තීන්දුව ඉක්මනින් දෙන්න – ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි



පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ නඩු විභාගය කඩිනමින් ලබා දෙන ලෙස නීතිපතිවරයා මඟින් අගවිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත්තේ හෙට(11) දිනයේ ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කරනු ඇති බවයි.

පසුගියදා පොළොන්නරුවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසුවේ රටේ අගමැති, ඇමති මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නැවතී තිබීම හේතුවෙන් තනි පුද්ගලයෙකුට එනම් ජනාධිපතිවරයාට සියලු බලතල හිමිව ඇති බවත් තමන් ඊට අකමැති බවයි. ප්‍රජාත්නත්‍රවාදය ශක්තිමත් කළ යුතු රටක තනි පුදගලයෙකුගේ අතට බලයක් හිමිවීම අනවශ්‍ය බවද ඔහු පවසා තිබුණි. ඒ අනුව අධිකරණය මේ පිළිබද සලකා බලා අධිකරණ තීන්දුව ඉක්මනින් ලබාදෙනු ඇති බව බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.