Posted on 11.29.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එජාපයේ අයට මුරලිදරන්ගෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විනයාගමූර්ති මුරලිදරන් එක්සත් ජාතික පක්ෂ මනත්‍රිවරුන්ට තර්ජනය කර ඇත.
ඔහු සිය ‘ට්විටර්‘ පනිවිඩයෙන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමන්ට තර්ජනය කරන බවත් ඔවුන් 2004ට පෙර තමන් ගැන කාගෙන් හෝ අසා ගත යුතු බවත් හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් පවසයි.
එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයකුව සිට ප්‍රබාකරන් සමග ඇති වූ ආරවුලකින් පසුව වෙන්ව පසුව ආණ්ඩුවේ සහායට පැමිණි ඔහු ඔහු සිය නිල ට්විටර් ගිණුමේ තබා ඇති පණිවුඩයක් මෙසේය.
“එක්සත් ජාතික පක්ෂයේ සමහර අය මා බියපත් කිරීමට උත්සාහ කර ඇත. බොහෝ දෙනකු මට පණිවුඩ සහ දුරකථන ඇමතුම්ද ලබාදී තිබේ. මම මඩකළපුවේ කරුණා අම්මාන් බව ඔවුන් මතකයේ තබා ගත යුතුයි. කරුණා අම්මාන් හැටියට 2004ට කලින් හිටි කෙනා කවුද කියලා සමහරවිට ඔවුන්ට කාගෙන් හෝ දැනගත හැකියි”
