தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
තරුණයන් 11ක් අතුරුදහන් කිරීම පිළිබඳ රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව CID කරුණු දක්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තරුණයන් 11ක් අතුරුදහන් කිරීම පිළිබඳ රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව CID කරුණු දක්වයි



කොටහේන ප්‍රදේශයේදී පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සම්බන්ධ පරීක්ෂණය ලබන අප්‍රේල් මස 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (03) නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා මූලස්ථානය තුළ සැඟව සිටීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල ලබා දී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී ඇත.

ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති සැකකරුට රටින් පිටවී මැලේසියාවට පැන යාම සඳහා නාවික හමුදා මූලස්ථානයේ පොදු අරමුදලෙන් රුපියල් ලක්ෂ 5ක් ලබාදීම සම්බන්ධයෙන් සහ සැකකාර ව්‍යාපාරිකයෙක් විසින් අමෙරිකානු ඩොලර් 5000ක් ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර මෙම සිද්ධයට අදාලව ඇප මත සිටින පළමු සැකකරු වූ ලක්සිරි අමරසිංහ සහ දෙවැනි සැකකරු වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අය අධිකරණය හමුවේ පෙනී සිටි තිබේ.