Posted on 03.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ රීට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනුකළ රීට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව පවසා තිබේ.
ඒ අනුව එම කරුණු දැක්වීම සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වසන්ත කරන්නාගොඩ ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය මැයි 17 වැනිදා කැඳවීමට නියම කර තිබේ.
තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා වසන්ත කරන්නාගොඩ මෙම පෙත්සම ගොනුකර තිබේ.