Posted on 04.24.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉස්ලාම් ධර්මය සහමුලින්ම ත්‍රස්තවාදයට විරුද්ධ බවද ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා මෙරට මුස්ලිම් ප්‍රජාව සමස්ත ජනතාව සමඟ එක්ව කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා පවසයි.
ප්‍රහාරයට සම්බන්ධවූවන් මුස්ලිම් ජාතිකයින් ලෙස නොසලකන බව පවසන මන්ත්‍රී පෙන්වාදෙන්නේ මෙරට මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන පුද්ගලයින් බවයි.
මාධ්‍යවේදින්ට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද (24) මෙ බව පැවසීය.
ඉල්ලක්කය විය යුත්තේ ත්‍රස්තවාදය විනාශ කිරීම මිසක් එක් එක් පාර්ශවයට චෝදනා කිරීම නොවන බවද පටු දෙශපාන වාසි ලබා නොතකා මෙම ගැටළුවේදි දෙශපාලඥයින් කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.