தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
තුන්වැනිවරටත් බ්‍රසිලයේ හිටපු ජනාධිපතිවරයකුට දූෂණ චෝදනා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුන්වැනිවරටත් බ්‍රසිලයේ හිටපු ජනාධිපතිවරයකුට දූෂණ චෝදනා!



බ්‍රසීලයේ හිටපු ජනාධිපති මයිකල් ටෙමර් මහා පරිමාණ  දූෂණ සම්බන්ධ චෝදනා පදනම් කරගෙන අත්අඩංගුවට ගෙන ඇත.
78 හැවිරිදි ඔහු නීතිඥයෙක් වන හිටපු ජනාධිපතිවරයා ඔහු උපන් නගරය වන බ්‍රසීලයේ සාඕ පාවුලෝහිදී අත්අඩංගුවට ගෙන ඇත. 2016 අගෝස්තු 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා බ්‍රසීලයේ 37 වැනි ජනාධිපති ලෙස කටයුතු කළ ඔහු, වංචා චෝදනා මත දෝෂාභියෝගයකින් ඉවත් කළ මිෂල් බැචලේගේ උප ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇත. බ්‍රසීලයේ රාජ්‍ය නායකයන් ලෙස වංචා දූෂණ සම්බන්ධ චෝදනාවට ලක් වූ තුන්වැනි ජනාධිපතිවරයා මයිකල් ටෙමර් වන අතර පළමුවරට වංචා සම්බන්ධව චෝදනා ලද හිටපු ජනාධිපති ලූලා ඩා සිල්වා මේ වනවිට වසර 12ක සිරදඩුවමක් විදී. මයිකල් ටෙමර් සිය කටඋත්තරයේදී තමන්ට එල්ල වූ සෑම චෝදනාවක්ම ප්‍රතික්ෂේප කර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ලෙස ඔහුට හිමි වරප්‍රසාද මේම නීත්‍යනුකූල රැකවරණ අහිමි වී ඇත. 
ඛනිජ තෙල් ව්‍යාපාර සම්බන්ධ මහපරිමාණ දූෂණ චෝදනා ලැබූ ඔහු සමග එම පාලන කාලයේ හිටපු ඛනිජතෙල් හා බලශක්ති ඇමතිවරිය වන මොරීරා ෆැන්කෝද අත්අඩංගුවට ගනු ලැබීය.