Posted on 08.16.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තුර්කියට එරෙහිව සම්බාධක පැනවීම හා අමතර තීරු බදු වැඩි කිරීමට තීරණය කිරීමත් සමග තුර්කි මුදල් ඒකකය වන ලීරා විශාල අගයකින් ඇ.ඩොලරයට සාපේක්ෂව පහළ වැටිනි.
එම අවස්ථාවේ තුර්කි ජනාධිපති තායිෆ් එඩොර්ගන් පවසා සිටියේ සිය රටට එරෙහිව නව තීරුබදු ඉහළ දැමීමෙන් එ.ජනපදය විසින් තුර්කිය ආර්ථික වශයෙන් ඇදදැමීමටමට එළිපිටම කටයුතු කරන බවයි.
තම රටට එරෙහිව මෙසේ තීරු බදු දෙගුණයකින් ඉහළ දැමීමට හේතුවී තිබෙන්නේ තුර්කිය විසින් එ.ජනපද පූජකයකු වසරක පමණ කාලයක සිට අත්අඩංගුවට ගෙන රදවාගැනීම නිසාය.
ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 2016 වසරේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවත් ඊට අමතරව තුර්කිය තුල තහනම් කර ඇති කුර්දිස්ථාන් ව්‍යාපාරයට සහයෝගය ලබාදීම හේතුවෙන් බවය.
ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇති පාස්ටර්වරයා නිදහස් නොකරන්නේ නම් වැඩිදුරටත් තුර්කි භාණ්ඩ සදහා තීරු බදු ඉහළ නංවන බවයි.
මෙසේ තීරුබදු නංවමින් තුර්කි භාණ්ඩවලට සීමා පැනවීමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ තුර්කිය ආර්ථික වශයෙන් දුබල කිරීමට බවත් එය දිගින් දිගටම සිදුවන්නේනම් නව මිතුරන් සොයා ගැනීමට තුර්කිය පසුබට නොවන බවට එඩෝර්ගන් එ.ජපනදයට අනතුරු අගවා ඇත.
ඇමෙරිකා විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරන බව පවසන තුර්කි ජනාධිපතිවරයා ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බවඅවධාරණය කර ඇත.