Posted on 02.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නිදහස් දිනය සමරන ආණ්ඩුවේ උත්සවයට සහභාගි වූ කතරගම පොලිසියේ නිලධාරියකු සම්බන්ධ පුවත්පත් වාර්තාව නිසා වාර්තාව සැපයූ ප්‍රාදේශීය මාධ්‍යවේදී එම්.කේ.නන්දසේනට තර්ජනය කිරීම සම්බන්ධ පොලිසියට පැමිනිලි කර ඇත.
කතරගම පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකුට මේ අන්දමට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ කළ පුවතට අදාළව කරුණු විමසා දුරකතනයෙන් මරණීය තර්ජනය කළ බව කතරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී නන්දසේන පවසයි.
ඔහු විසින් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබේ.
කෙසේවෙතත් එම නිලධාරියා පවසන්නේ තමන් සම්බන්ධ පුවතක් පුවත්පතට යැවීමට පෙර තමන්ගෙන් විමසීමක් නොකළේ මන්ද යන්න බවත් හා තර්ජනයක් සිදු නොකළ බවය.