Posted on 01.07.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ.
ප්රමිතියෙන් තොර වීම නිසා එම කාබනික පොහොර මෙට්රික් ටොන් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර කොළඹ වාණිජ මහාධිකරණය එම පොහොර තොගයට අදාල ණයවර ලිපියේ ගෙවීම් අත්හිටුවා තිබුණි.
එහිදී චීනය දිගින් දිගටම එම පොහොර තොගයට අදාළ මුදල ගෙවන ලෙස බලපෑම් සිදුකරන ලදී. පොහොර තොගයට අදාළ මුදල නොගෙවීම නිසා චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛණයට පවා ඇතුළත් කර තිබුණි.
එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කිරීමෙන් පසු කොළඹ වාණිජ මහාධිකරණයට දැන්වීමෙන් පසුව අධිකරණය පසුගියදා ණයවර ලිපියට ගෙවීම සඳහා පනවා තිබූ වාරණය ඉවත් කර තිබුණි.