Posted on 11.27.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දැනට පුරප්පාඩුවී පවතින උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට ප්‍රකට ව්‍යාපාරිකා අනුරාධා යහම්පත්ද උතුරු මැදට මහාචාර්ය තිස්ස විතාරණද පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මුත්තයියා මුරලිදරන්, පසුගිය ජනපතිවරණ ප්‍රචාරණ සමයේ වියත් මග වැඩසටහනට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂට සහයෝගය පළකරන ලදී.
මුත්තයියා මුරලිදරන්ට ආණ්ඩුකාර ධූරය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකවම ආරාධනා කර ඇතැයි පැවසේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත්කිරීමට නියමිත අනුරාධා යහම්පත් දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ ප්‍රධානියා වන අතර ප්‍රකට ඇඟලුම් අපනයන සමාගමක හිමිකාරිනිය වේ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාරධුරයට පත් කෙරෙන මහාචාර්ය තිස්ස විතාරණ හිටපු ඇමැතිවරයකු වන අතර පොහොට්ටුව සමග සන්ධානගතවූ ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වෙයි.