Posted on 01.30.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණ සහ කාලය අවසන්වීමට නියමිත පළාත් සභාවල මැතිවරණ මැයි 31 වැනිදාට පෙරාතුව පැවැත්වීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැබිනට් අනුමැතිය සදහා කටයුතු කරමින් සිටී.
මේ වනවිට පළාත් සභා 6ක නිලකාලය අවසන්ව එම මැතිවරණ කල්ගොස් ඇති අතර දකුණු සහ බස්නාහිර පළාත්සභා නිලකාලය අප්‍රේල් මාසයේ සහ ඌව පළාත්සභාවේ නිල කාලය සැප්තැම්බර් මාසය වනවිට අවසන් වේ. මේ අනුව එම පළාත් සභාවල මැතිවරණ වේලාසන කැදවීමත් කල්ගිය මැතිවරණ ඉක්මනින් කැදවීමත් අරමුනු කරගෙන තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවේ සටහන් කර ඇත.
පළාත් සභා සියල්ලගේ මැතිවරණ මෙසේ එකවර පැවැත්වීමේදී පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට එය පැවැත්වීමට සහ කාන්තා නියෝජනය 25% දක්වා වන බවට වගබලාගැනීමටත් ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවේ කරුණු දක්වා ඇත.