தமிழ்
English
Contact
Saturday 4th May 2019    
පාර්ලිමේන්තුව කැදවන්න කථානායක මැදිහත් වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව කැදවන්න කථානායක මැදිහත් වෙයි!



පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම් පදනම් කරගනිමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට මැදිහත්වන බව කථානායක කරූ ජයසූරිය පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජත පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් කථානායකවරයාගේ කැදවීමෙන් අද(30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස මෙහිදී එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් අගමැතිවරයෙකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම නීත්‍යානුකූලව සිදුව ඇති බව පවසමින් පක්ෂ නියෝජිත සාකච්ඡාවට සහභාගී වූ නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, ඩග්ලස් දේවානන්ද කරුනු දක්වා ඇත.