Posted on 04.25.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු දින ප්‍රහාරයට පසුගිය වසර 10ක පුරා රට පාලනය කළ ආණ්ඩු වගකිව යුතු බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා පවසා තිබේ.
මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ තොරතුරු වාර්තා වූ මොහොතේ ජනාධිපතිවරයා සිටියේ සිංගප්පුරුවේ බවත් එය දැනගත් වහාම මෙරටට නොපැමිණ ශෝක ප්‍රකාශ වැනි නිවේදනයක් පමණක් නිකුත් කළ බව ඔහු පවසා තිබේ.
සරත් ෆොන්සේකා පවසා ඇත්තේ අගමැතිවරයා මාස 6ක කාලයක් ආරක්ෂක මණ්ඩලය කැඳවා නැති බව දන්නේ නම් එය පාර්ලිමේන්තුවට දැනුම් නොදී ප්‍රහාරයෙන් පසු ඒ ගැන පැවසුවේ වගකීමෙන් නිදහස්වීමට යයි තමා සිතන බවයි.
වසර 32 ක යුද්ධයෙන් පසු සැණකෙළි දිවියක් ගෙවීම වරදක් නොවූවද බලලෝභී දේශපාලනඥයන්ද එම කතුරු ඔන්චිල්ලාවට නැඟීම නිසා ජාතික ආරක්‍ෂාව අනතුරට පත්වූ බව සරත් ෆොන්සේකා පවසා ඇත.