தமிழ்
English
Contact
Monday 26th July 2021    
පෙ.ස.ප. නියෝජිතයන්, ල.ස.ස.ප සමග සාකච්ඡාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙ.ස.ප. නියෝජිතයන්, ල.ස.ස.ප සමග සාකච්ඡාවක!



වර්ධනය වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ මාර්ග සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා මාලාවක පියවරක් ලෙස අද(26) පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

කොළඹ, යූනියන් පෙදෙසේ, ල.ස.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවැත්වුණු සාකච්ඡාවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා, ජාතික සංවිධායක ආචාර්ය වසන්ත රුක්මල්, සහකාර ලේකම් නුරේෂ් රාජපක්ෂ යන නියෝජිතයන්ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යන නියෝජිතයන්ද සහභාගී වූූහ

පවතින ආර්ථික අර්බුදය හා වර්ධනය වෙමින් පවතින දේශපාලන තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හා විසඳුම් සොයා බැලීමේ අවශ්‍යතාව සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බව පෙ.ස.ප. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය. ඒ අනුව අද පැවති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක්වූ බව පක්ෂ දෙකේ නියෝජිතයන් විසින් ප්‍රකාශ කරන ලදී.

සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු, කොරෝනා වසංගතයේ තත්වය, ඉන්දිය, චීන හා එක්සත් ජනපද භූ දේශපාලන අරමුණු මත කලාපය තුළ පවතින බල අරගලයේදී ලංකාවේ ජනතාව මුහුණ දෙමින් තිබෙන අනතුර සම්බන්ධ පක්ෂ 2 අතර අදහස් හුවමාරු කරගනු ලැබුණු බව පෙ.ස.ප. නියෝජිතයන් විසින් ප්‍රකාශ කරන ලදී. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි පීඩාවට මුහුණ දෙමින් සිටින අතරම ජනතාව අතර ඇති නැති පරතරයේ වර්ධනයවීම මෙන්ම බදු බර ජනතාව වෙත පටවමින් ධනකුවේරයන්ට බදු වංචා කිරීමට ඉඩ සැලසීමේ තත්වය සම්බන්ධ සිය ස්ථාවරයන් සාකච්ඡාවට ඉදිරිපත් කළ බවද පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පෙ.ස.ප. විසින් ඉදිරියේදී ගෙන එන්නට නියමිත දේශපාලන වැඩපිළිවෙළක් පිළිබඳ ල.ස.ස.ප. නියෝජිතයන් වෙත කරුණු දක්වමින් දැනට වර්ධනය වෙමින් පවතින අර්බුදය පිළිබඳ ල.ස.ස.ප. ස්ථාවරයන් දැනගැනීමේ අවශ්‍යතාව තමන් විසින් දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ල.ස.ස.ප. ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මාධ්‍යවේදීන් වෙත කරුණු දක්වමින් තවදුරටත් තමන් විසින් දේශපාලන සන්ධානයක් ලෙස ආණ්ඩුව තුළ හිඳිමින් උද්ගත වෙමින් පවතින තත්වය සම්බන්ධ කටයුතු කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය. පෙ.ස.ප. විසින් ඉදිරිපත් කළ කරුණු ගණනාවක් සම්බන්ධ වැදගත් සාකච්ඡාවක් පැවැත්වූ බවද අදහස් හුවමාරු කරගත් බවද ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර සිටියේය. පක්ෂය ඉදිරියේදී ජනතාව සමග කටයුතු කිරීමේදී පෙ.ස.ප. ඉදිරිපත් කළ දේශපාලන කරුණු සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන බව ද ජනතාව වෙනුවෙන් තම පක්ෂය විසින් ගනු ලබන පියවරයන් සඳහා පෙ.ස.ප. සහාය ලබාගැනීමට අපේකෂා කරන බවද එම පක්ෂයේ  සිටියේය.