தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පොරොන්දු අමතක ජනපති උමා ඔය ඉක්මනින් විවෘත කරන ලෙස ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොරොන්දු අමතක ජනපති උමා ඔය ඉක්මනින් විවෘත කරන ලෙස ඉල්ලයි



උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92 ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපති ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (22) එක් වෙමිනි.

මෙරට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස සැළකෙන උමාඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 535 කි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් සඳහා වාරි ජලය සැපයීමට අමතරව විදුලිය නිපදවීම සඳහාද යොදාගැනීමට නියමිත බව පැවසුණි.

එහෙත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ මොහොතේ සිට අවට ගම්මාන රැසක නිවාස 8000 ක් පමණ ඉරිතලා විනාශයට පත්වී ඇති අතර ළිං සහ ජල උල්පත් 5000 ක පමණ ප්‍රමාණයක් මුළුමනින්ම සිඳී ගොස් ඇත. ඊට අමතරව පාරිසරික බලපෑම් හේතුවෙන් තවත් පිරිසක් සිය ඉඩම් නිවාසවලින් ඉවත් කර ඇත. සිදුවූ හානිය සම්බන්ධයෙන් නිසි පරිදි වන්දි ගෙවීමක්ද සිදුව නොමැති බවට චෝදනා එල්ල විය.

එසේම නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් පිිළිබඳව අධ්‍යයනයකින් තොරව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමඟෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුවී ඇති බව නොර්වේජියානු විශේෂඥ කණ්ඩායමක් නිකුත්කළ වාර්තාවකද සඳහන් කර ඇත.මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට එරෙහිව චෝදනා එල්ල කරමින් බලයට පත් මෛත්‍රීපාල සිරිසේනට ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට බව පවසමින් එය විවෘත කරන ලෙස පවසමින් සිටියි.