Posted on 04.01.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස පොලිසිය විසින් චෝදනා නැගූ නවිදු රත්නායක අද(1) රු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලදී
කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරමින් අදාළ සැකකරුට එරෙහිව පොලිසිය විසින් චෝදනා නගා තිබුණේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 වගන්තිය යටතේය
අපේ‍්‍රල් 22 වැනිදා මෙම නඩුව නැවත කැදවන්නට නියම කළ අතර මෙම රිය අනතුරට සම්බන්ධ අනෙක් සැකකරුවන් 8 දෙනකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි