Posted on 07.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, හිෂාලිනී දැරිය ගෙන ආ තැරැව්කරු, බිරිඳගේ සොහොයුරා සහ පියා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ්ගේ බිරිඳ, ඇගේ පියා, සහ දැරිය ගෙනආ තැරැව්කාර පුද්ගලයා අත් අඩංගුවට ගත් අතර තවත් තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරුවන් අද(24) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.