Posted on 10.17.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෙවනවර කොරොන්ා වසංගතය ව්‍යාප්තවීම අනාවරණය කළ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොවිඩ් රෝගීන් ආසාදනයට හේතු සොයාගන්නට නොහැකි තැන ඔත්තු සේවා සහාය ගන්නට ආණ්ඩුව සූදානම් වේ.
මෙසේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවක සේවිකාවන් ඇතුළත් ආසාදිතයන් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය ඔත්තු සේවා යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.