Posted on 10.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2016 වසරේ මද්‍යසාර පිළිබඳ ගෝලීය තත්ත්ව වාර්තාව අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මිලියන 3ක්ක ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට ලොව පුරා ඇල්කොහොල් භාවිතය පිළිබද 2018 වසරේ නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව (Global Status Report on Alcohol and Health – 2018) අනාවරණය කර තිබේ.
එසේම මිලියන 132.7ක් දෙනා මද්‍යසාර භාවිතය නිසා සදාකාලික හෝ දීර්ඝ කාලයක ශරීරාංග විකලභාවයට ඇද වැටී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි. මද්‍යසාර භාවිතය සම්බන්ධ ලෝක පරිමාණ තත්වය සම්බන්ධව පළකර ඇති වාර්තාවකට අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්තාව අනාවරණය කර තිබේ. ලංකාවේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය දෛනිකව ලීටර 3.3ක් වන අතර යුරෝපයේදී එය ලීටර 0.5කි. කෙසේවෙතත් ජනගහණය අනුව යුරෝපයේ 95% මත්පැන් පරිභෝජනය කරන නමුත් ලංකාවේදී එය 20%ක් බව සමීක්ෂණ දත්ත පෙන්වයි. එසේම ලංකාවේ පිරිමින්ගෙන් 37.1%ක්ද ස්ත්‍රින්ගෙන් 2.4%ද මත්පැන් භාවිත කරයි. කාන්තාවන් මත්පැන් පරිභෝජනය පසුගිය වසරට වඩා ඉහළ ගොස් ඇති බවද හෙළි වී ඇත.
එසේම මද්‍යසාර භාවිතය නිසා ලොවපුරා මියයන සංඛ්‍යාව ඒඩ්ස්, ක්ෂයරෝගය, දියවැඩියාව වැනි රෝග හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාවට වැඩි බවද අනාවරණය වේ. මිනිසුන් රෝගී කරවන, පුද්ගලයින්ගේ ජීවිත හා පවුල් මෙන්ම සමාජයද බිඳ වැටීමකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බවත් මද්‍යසාර භාවිතය මිනිසුන්ට වැළදෙන ලෙඩරෝග රැසකට දායක වන ප්‍රධාන සාධකයක් බවත් මේ වනවිට සමාජ හා විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණයකරගෙන ඇත. එසේම මද්‍යසාර භාවිතය රෝගාබාධ 60කට ප්‍රධානතම හේතුවක් වන අතර තවත් රෝග 200ක් සෑදීමට වක්‍ර ලෙස දායක වන බවද ඉයින් තහවුරු කර ගෙන තිබේ.
මද්‍යසාර සමාගම්වල වාර්තාවල සඳහන් ආකාරයට ලංකාවේ මත්පැන් භාවිත කරන්නන් සමස්ත වශයෙන් දිනකට රුපියල් මිලියන 247ක්ද බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58ක්ද වියදම් කරන බව වෙයි. මේ අතර මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වුවන්ට සෞඛ්‍ය වියදම ලෙස රුපියල් බිලියන 145ක් වැය වන බවද සෞඛ්‍ය සේවා දත්ත අනාවරණය කරයි. 2018 වසර සදහා නිකුත් කළ අයවැය යෝජනාවලින් බියර් මිල අඩුවීමත් සමඟම පෙර කාලයට සාපේක්ෂව බැලූ කළ බියර් භාවිතයේ වැඩි වීමක් දක්නට ලැබු බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධස්ථානය පවසයි. අඩු මිලට බියර් ලබා ගැනීමට හැකිවීම හේතුවෙන් පාසල් ළමුන් මද්‍යසාර භාවිතයට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බවට අනතුරු ඇගවීමක්ද එම මධ්‍යස්ථානය විසින් නිකුත්කර ඇත.
මත්පැන්, මත්ද්‍රව් අතීතයේ පැවති ආකාරයට මිනිසාගේ විනෝද අවශ්‍යතාවෙන් ඔබ්බට යමින් නිර්වින්දකයක් ලෙස භාවත වෙමාන් තිබේ. ආර්ථික පීඩාව මෙන්ම පොදුවේ ජීවිතය මුහුණ දෙන ගැටලුවලට විසදුම් නොමැති විට දේශසීමාවක් නැතිව ජනයා පෙළඹෙන්නේ සැබෑලෝකය අමතක කරමින් පවතින ගැටලු තාවකාලිකව යටපත්කරමින් මත්ලෝලි වින්දනයකට පත්වීමටය. සාමාන්‍ය විනෝද කාර්යයකට වඩා අධික මත්ද්‍රව්‍ය භාවිතය පවතින්නේද පීඩාවට පත් මිනිසුන් අතර බව සමීක්ෂන වාර්තා හෙළිකරයි. මේ නිසා මත්ද්‍රව්‍ය අධිභාවිතයේ අනතුර විසදාගන්නට සිදුවන්නේද ජීවිතයේ හා සමාජයේ පීඩාව සාමුහිකව විසදාගන්නා අවබෝධයක් සහිත භාවිතයකින් පමණකි.
