මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්වේ.
Posted on 07.02.2016 by Madanayaka in ආර්ථික පුවත් with 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කර ඇති බව වාර්තා වේ.
මෙතෙක් එම තනතුරේ සිටි අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් දුෂණ චෝදනා එල්ලවූ අතර ඔහුට සේවා දිගුවක් ලබා දීමට එරෙහිව විරෝධයක්ද පැන නැගිණි.
1950 වසරේ උපත ලද ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳ උපාධියක් ලබා ගත්තේය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 1973 වසරෙදී ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී ඇති අතර එහි ආර්ථික පර්යේෂණ හා බැංකු අධීක්ෂණ අංශයේ විවිධ වගකීම් දරා 1989 වසරේදී ඉන් ඉවත්ව ගොස් ඇත.
මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු කටයුතු කර ඇත.
Related News