Posted on 10.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මැතිවරණ කාලයක් එළඹෙත්ම රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය ජාතිවාදය හා භීතිය අවුලුවාලන පුවත් මැවීම යළිත් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දක්නට ලැබේ.
විවිධ ප්‍රදේශවල හමුවන පුපුරන ද්‍රව්‍ය හා අත්බෝම්බ සම්බන්ධ පුවත් මැවීමෙන් ආණ්ඩුව විසින් මේ වනවිට අත්කරගෙන ඇති අප්‍රසාදය වෙනුවට නැවත වරක් ‘ජාතික ආරක්ෂාව’ මන්තරය ජප කරමින් ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ අරමුණක් ඇති බව අනුමාන කෙරේ.
පසුගිය කාලය පුරා එවැනි පුවත් වාර්තාවලට රාජ්‍ය මාධ්‍ය මෙන්ම ජාතිකවාදී දේශපාලන ප්‍රචාරය මගින් ආණ්ඩුවට පක්ෂපාති පිළිවෙතක් ගෙන යන මාධ්‍ය විසින් ප්රමුඛ ඉඩක් වෙන්කර තිබිණි.
විශේෂයෙන් යුද සමයේ පස්යට වැලලී ගිය පුපුරන ද්‍රව්‍ය, ගිනි අවි, එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම්, පතරොම් කොපු ආදිය සම්බන්ධ පුවත් තවදුරටත් ඉදිරියේදී මාධය වෙත මුදා හැරීම සිදුවනු ඇත.
මේ ආකාරයෙන් මෙරට සිංහල, තමිල්, මුස්ලිම් ජාතික ජන ප්‍රජාවන් අතර සැකය, විරසකභාවය වර්ධනය කරමින් ජාතිවාදී ලෙස ඡන්ද එකතු කිරීම පාලක පක්ෂයේ අරමුණ වේ. ජනතාවට උද්ගතවී ඇති ආර්ථික හා වෙනත් ගැටලුවලට වගඋත්තර දිය යුතු පාලකයන්ට ඒවා අමතක කර සුපුරුදු ත්‍රස්ත භීතිය මගින් ඡන්ද පදනම සකස්කර ගැනීමේ හැකියාව මෙවැනි පුවත් සාමාන්‍ය පුවතක සිට ජාතික වැදගත්කමක් සහිත පුවක් ලෙස මවා පෙන්වීමෙන් ලැබේ.