தமிழ்
English
Contact
Saturday 4th May 2019    
මුදල් අමාත්‍යංශය මහා පරිමාණයෙන් සුරාබදු බලපත්‍ර බෙදන්න සුදානමක් - සුරාබදු වෘත්තීය සමිති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුදල් අමාත්‍යංශය මහා පරිමාණයෙන් සුරාබදු බලපත්‍ර බෙදන්න සුදානමක් – සුරාබදු වෘත්තීය සමිති



මුදල් අමාත්‍යංශයේ විසින් මාතර දිස්ත්‍රික්කයේ හෝටල් සහ අවන්හල් සඳහා ජංගම සේවාවක් මගින් සුරාබදු ආඥා පනත උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් සුරාබදු බලපත්‍ර නිකුත්කිරීමේ සැලසුමක් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති පවසයි.

මෙම බලපත්‍ර නිකුත්කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙම සති අන්තයේ වැලිගම නගරයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීවයි.

වෘත්තීය සමිති පවසන ආකාරයට සුරාබදු බලපත්‍ර නොමැති හෝටල් සහ අවන්හල් හිමියන් 500ට පමණ සුදුසු කම් පරික්ෂා කිරීමකින් තොරව සුරාබදු ආඥාපනත උල්ලංඝණය කරමින් මෙම බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

එසේම මාතර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රචලිතව පවත්නා මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල අවන්හල් සහ නවාතැන් පොළවල් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම අවන්හල් හිමියන් සමඟ ප්‍රාදේශීය දේශපාලනඥයන් ළඟ සබඳතාවක් පවතින බවද වාර්තා වේ.




Related News