Posted on 04.18.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ මෙරට පළමු චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අද(18) අළුයම සාර්ථකව ගුවන් ගත කර තිබේ.
රාවණා වන් ලෙස නම්කර ඇති චන්ද්‍රිකාව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් ගුවන් ගතකර ඇත.
රාවණා වන් චන්ද්‍රිකාව “අන්තරේස්” රොකට්ටුව අධාරයෙන් සිග්නස් අභ්‍යාවකාශ යානය මඟින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට සැළසුම්කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිපදවා ඇත.
ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි. එසේම ඔවුන් පවසන පරිදි චන්ද්‍රිකාව ඝන සෙන්ටිමීටර් දහසක ධාරිතාවයකින් සහ කිලෝග්‍රෑම් 1.05ක බරකින් යුක්ත වේ.
සැළසුම් කර ඇති පරිදි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව ලබන මැයි මස අවසානය හෝ ජුනි මස මුල් කාලය වන විට චන්ද්‍රිකාව කක්ෂ ගතකිරීම සිදුකරයි.
රාවණා වන් චන්ද්‍රිකාව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වනඅතර එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක් වේ.
ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණ වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර ඇත.