Posted on 09.29.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ඊයේ අබුඩාබිහිද පැවැති ආසියානු කුසලාන අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුළු තුණකින් පරාජය කිරීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය ලබා ගත් ඉන්දී්‍ය නායක රෝහිත් ෂර්මා බංග්ලාදේශයට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 222ක් පමණි.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලිටන් දාස් ලකුණු121ක්ද,මෙහෙදි හසන් ලකුණු 32ක්ද,සෞම්‍ය සර්කාර් ලකුණු 33ක්ද ලබා ගැනීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායමට එතරම් අසීරු ඉලක්යක් නොවූ ලකුණු 223ක ඉලක්කය හඹායෑමේදී හිතූ තරම් පහසුවෙන් සිය ජයග්‍රහණය කරා යෑමට නොහැකි තත්වයක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම විසින් දැඩි පීඩනයක් එල්ල කරන ලදී.
කෙසේ වෙතත් අවසානයේදී පන්දුවාර 50 තුල ලකුණු 223ක සිය ජයග්‍රාහී ඉලක්කය ජය ගැනීමට සමත්විය.
ඉන්දීය පිතිකරුවන් අතරින් රෝහිත් ෂර්මා ලකුණු 48ක්ද, ඩිනේෂ් කාර්තික් ලකුණු 37ක්ද. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 36ක්ද, නේදර් යාදේව් ලකුණු 23ක්ද, රවීන්ද්‍ර ජදේජා ලකුණු 23ක්ද, බුවනේෂ්වර් කුමාර් ලකුණු 21ක්ද ලබා ගැනීමට සමත්විය.
මෙවර ආසියානු කුසලානය ජය ගැනීමත් සමග ඉන්දීය කණ්ඩායම හත් වන වරටද ආසියානු කුසලානය දිනා ගන්නා ලදී.