தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
මෙහෙම ගියොත් සියළු මධ්‍යම කාරක සභිකයන් ඉවත් කරන්න වෙයි - ප්‍රසන්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙහෙම ගියොත් සියළු මධ්‍යම කාරක සභිකයන් ඉවත් කරන්න වෙයි – ප්‍රසන්න



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්ගෙන් බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කරන බැවින් පක්ෂයේ සියලුම මධ්‍යම කාරක සභිකයන් සහ මහජන නියෝජිතයන් ඉදිරියේදී ඉවත් කිරීමට පක්ෂ නායකත්වයට සිදුවනු ඇතැයි බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

 

බහුතර පාක්ෂික මතය වෙනුවෙන් පෙනී සිටින මධ්‍යමකාරක සභිකයන් පස්දෙනෙකු එකවර ඉවත්කර මෑතකදී පක්ෂයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨයන් නොවන පිරිස්වලට මධ්‍යම කාරක සභාවේ තනතුරු ලබාදීම නිසා ශ්‍රීලනිපය තුළද සුළුතරය විසින් බහුතරය යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව පැහැදිලි වන්නේ යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
උඩුගම්පොළ ශ්‍රීලනිප කාර්යාලයේදී 15 වැනිදා පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී මෙම අදහස් පළ විය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,
‘හෙට අනිද්දාට සමහර විට මේ අය අපිව පක්ෂයෙන් එළියට දමාවි. අපිව පක්ෂයෙන් අයින් කරලා. තනතුරුවලින් අයින් කරලා මහින්ද මහත්තයා ගෙනෙන සටන නතර කරන්න මේ අය හිතනවානම් මේ අයට වැරදිලා. ඒක ඒ අයගේ දවල් හීනයක්. අපි මේ සටන පටන් ගත්තේ ඕනෑම කැපකිරීමක් කරන්න බලාගෙන. තර්ජනය කරලා, තහනම් කරලා,පක්ෂයෙන් ඉවත් කරලා, මහින්ද මහත්තයා නැවත අගමැති කිරීමේ සටන නතර කරන්න කාටවත් බැහැ. ඕන්නම් හෙට අනිද්දා බොරු චෝදනා දාලා අපිව හිරේ දායි. නැත්නම් අල්ලස් කොමිසමට සී.අයි.ඩී. එකට කැඳවයි. අපි මේ ඕනම දේකට ඔට්ටුයි. ජයග්‍රහණය මිස මේ සටනේ ආපසු හැරීමක් නැහැ. මහින්ද මහත්තයාට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න දෙනවා කියලා විතරක් හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එතුමා අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතුයි. අපිට සීනි බෝල පෙන්නලා රවට්ටන්න හදන්න එපා. 1994 දී චන්ද්‍රිකා මැතිණියව පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වය අනුව එහෙම කළේ පාක්ෂිකයින් එතුමියව එදා ඉල්ලා සිටි නිසයි.අද තියෙන්නෙත් ඊට සමාන තත්ත්වයක්’ යනුවෙන් පවසා සිටියේය.




Related News