Posted on 01.02.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2015 ජනවාරි මස ජනාධිපතිවරයා ලෙස පත්ව 4වැනි වසරද ගෙවි යද්දී ජනතාවගේ දුගී බව තුරන්කිරීම පිළිබද ජනාධිපතිවරයා උනන්දුවක් දක්වන්නට පටන්ගෙන තිබේ.
2017 වසර ‘දිළිදුකම තුරන්කිරීමේ වසර’ ලෙසද නම් කළ නමුත් ඒ පිළිබද විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ජනාදිපතිවරයා හෝ හවුල් ආණ්ඩුවේ කිසිදු අවධානයක් නොතිබිණි. ඒ වෙනුවට සිදුකරන ලද්දේ විවිධ රාජ්‍ය උත්සව සදහා මිලියන ගනනින් ප්‍රචාරක වියදම් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. කෙසේවෙතත් ජනාධිපතිවරයා මෙසේ දිළිදුකම පිටුදැකීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් 2019 වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස රජයේ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ ඊයේ (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
මෙරට ජීවත්වන ජනතාව අතරින් සියයට 6.7% තවමත් පූර්ණ දුගීභාවයෙන් පෙළෙන බවට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී තිබේ.