Posted on 10.28.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
අද (28) කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසුවේ මෙම දෝෂාභියෝග යෝජනාවට අත්සන් ලබා ගැනීම දැනටමත් ආරම්භකර ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම, මෙම දෝෂාභියෝගය අත්සන් කිරීමේදී මුලික කරුණු ලෙස ඉදිරිපත්කරන්නට නියමිත බවද මන්ත්‍රීවරයා කීය. පසුව පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා පැවසුවේ එ.ජා.ප. විසින් එවැනි අදහසක් සාකච්ඡා කළද තීරණයක් ගෙන නැති බවය.
කෙසේවෙතත් ආණ්ඩු ක්‍රම වයවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් වලංගුභාවයක් ලබන්නට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු අතුරින් 2/3ක බහුතරයක් විසින් අනුුමත කළ යුතුව ඇත. 1978 ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයකු සිය නිලකාලය තුල ඉවත් කළ හැකි එකම ක්‍රමවේදය වන්නේ ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ජයග්‍රහණය කිරීමය. එම නෛතික විධාවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(38-2) ව්‍යවස්ථාව තුල අන්තර්ගතය. එවැනි දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නිශ්චිත චෝදනා ප්‍රමාණයකින් වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලටම වැරදිකරුවකු බව සනාථ කළ යුතුව ඇත. එනම්, රාඡ්‍ය ද්‍රෝහි විම, චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, චරිත දුෂණය, අල්ලස් ගැනීම සහ නිලයේ කටයුතු කළ නොහැකි ආකාරයේ මානසික හෝ ශාරීරික විකෘතිභාවයෙන් පෙළිම යන හේතුය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිය අභිමතය මත පමණක් දැනට ව්‍යවස්ථානුකූලව පත්කර සිටින අගමැතිවරයා ඉවත් කර පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත් බවට නිශ්චිත ලෙස තහවුරු නොකළ මන්ත්‍රිවරයකු අගමැතිධුරයට පත්කිරීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් එසේම රාජද්‍රෝහි වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය් මන්ත්‍රිවරු පසුගිය දිනවලදී චෝදනා කර ඇත.
ඡනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ නම් එම කටයුත්තේදී පළමුවෙන් ම කල යුත්තේ ඉහත කී චෝදනාවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම අඩංගු කරමින් පෙත්සමක් සකස් කිරීමය. එක්සත් ජාතික පක්ෂය සූදානම්වන්නේ එම පළමු පියවර අනුගමනය කිරීමටය. එහෙත් ඉන් අනතුරුව, පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරු 2/3කගේ අත්සන් ලබාගත යුතු වේ. කතානායකවරයා වෙත යොමු කළ යුතු වන්නේ මන්ත්‍රීවරුන් 2/3ක අත්සන් සහිත දෝෂාභියෝගයකි. එසේ නොමැති දෝෂාභියෝගයක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට කථානායකවරයාට ප්‍රතිපාදන නොමැත. එසේම එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීමේ බලය අහෝසි වේ. කෙසේවෙතත් මේ වනවිටත් පාර්ලිමේන්තුව කල්තබා ඇති අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනයෙන් ඇතිවූ නෛතික විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද ජනාධිපතිවරයාට බලයක් නොමැත.
යම් ආකාරයකින් එසේ අත්සන් ප්‍රමාණය ලබාගෙන දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමත් සමඟම ඒ සම්බන්ධව විවාදයක් ආරම්භ කරන්නට පක්ෂ නායක එකගතාව අනුව දින යොදාගත හැකිය. විවාදයක් අවසානවයේ පැවැත්වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුවට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව දෝෂාභියෝගය 2/3කන් අනුමත විය යුතුය. ඉන් අනතුරුව දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබේ.එහි දී දෝෂාභියෝගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ පරික්‍ෂණයක් සිදු කරනු ලබයි.ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාභියෝගය අනුමත කල යුතු වේ. අධිකරණ අධික්‍ෂණයෙන් අනතුරුව දෝෂාභියෝගය නැවතත් පාර්ලිමේන්තුවට යොමු කරනු ලැබේ. ජනාධිපතිවරයා ඉවත්කරන්නට නම්, දෝෂාණියෝගය පිළිබඳ අවසන් විවාදය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තුවට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරු 2/3කින් දෝෂාභියෝගය සම්මත විය යුතුය.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයටද පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයක් ලබා ගැනීම දුෂ්කර බව පැහැදිලි කරුණකි.