தமிழ்
English
Contact
Monday 6th May 2019    
යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සිසුන් විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සිසුන් විරෝධතාවයක



යුද සමයේදී මෙරට සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලිය තුලින් යුද අපරාධ කරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ යුද සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාවලියක් හරහා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස නොකරන බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

මෙහිදී මූලිකව යාපනය ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා ජිනීවා යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ පෝස්ටර සහ යුද අපරාධ සම්බන්ධ සිතුවම් සහිත රථවාහන සහ වෙල්ලමුල්ලිවෙයික්කාල් හි මියගිය පිරිස සිහිකිරීම සඳහා වූ යාපනය විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය කර ඇති සැමරුම් ස්මාරකයෙහි අනුරුවක්ද සකස්කොට රැගෙනයාමද විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කොට තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හා දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් හරහා යුධ අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට ඉල්ලීම් මූලික කරගනිමින් 16 වැනිදා විරෝධතා වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

යුද සමයේ සිදුවු යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරට වෙත මේ දක්වා ලබාදුන් කාලය තුළ මෙරට තුළින් සාධාරණ පරීක්ෂණයක් හෝ ක්‍රියාදාමයක් ඉටුවි නොමැති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය පවත්වන බවද විශ්වවිද්‍යාල සිසුන් පවසයි.




Related News