தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගයන්තට දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගයන්තට දෙයි!



මේ දක්වා ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විෂයක්ව පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අද සිට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.

ඒ් අනුව රජයේ අතිශය වැදගත් හා රහස්‍ය මුද්‍රණ කටයුතු සියල්ල ආවරණය වන මෙම ආයතනය මින් ඉදිරියට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාරත්න භාරයට පත් වේ. මෙම ආයතන වගකීම් වෙනස සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වැනි ව්‍යවස්ථාවට හා 46(1) යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවය. ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ බව නිවේදනය කර ඇත.