தமிழ்
English
Contact
Monday 6th May 2019    
රන්ජන්ගෙන් කොකේන් ගන්න මන්ත්‍රීවරු ගැන වාර්තාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රන්ජන්ගෙන් කොකේන් ගන්න මන්ත්‍රීවරු ගැන වාර්තාවක්



රන්ජන් රාමනායක විසින් කොකොන් භාවිත කරන බවට චෝදනා කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විස්තර ඇතුලත් වාර්තාවක් මේ සම්බන්ධයෙන් විමසා බැලිමට පත්කළ එක්සත් ජාතික පක්ෂ කමිටුව වෙත බාරදී තිබේ.

මෙම වාර්තාව හා සමාන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව වෙතද යැවූ බව රන්ජන් රාමනායක පවසා තිබුණි.

එක්සත් ජාතික පක්ෂ කමිටුව වෙත ලබාදුන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත බාරදීමට නියමිත බව එම කමිටුවේ සභාපතිත්වය දරන ලක්ෂමන් කිරිඇල්ල පවසා තිබේ.

රන්ජන් රමාණයක ඊයේ(22) පෞද්ගලික රෝහලකට ගොස් රුධිර පරීක්ෂණයක් සහ මුත්‍රා සාම්පල් පරීක්ෂණයකටද මුහුණ දී තිබුණි.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව පැවති විවාදයේදී මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ඩී එන් ඒ පරික්ෂාවකට ලක් නොකර රන්ජන් රාමනායක කොකේන් භාවිතා කරන බවට චෝදනා කරන මන්ත්‍රීවරු පමණක් ඩී එන් ඒ පරික්ෂාවට ලක් කරන ලෙසයි.