தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයකින් ඇමතිවරුන්ගේ සහ කාර්ය මණ්ඩලවල ගෙවීම් අත්හිටුවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයකින් ඇමතිවරුන්ගේ සහ කාර්ය මණ්ඩලවල ගෙවීම් අත්හිටුවයි!



ඔක්තෝබර් 26 වැනිදා පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු කැබිනට් මණ්ඩලය අභියාචනාධිකරණය විසින් අත්හිටුවීමත් සමග ඇමති මන්ඩලයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජය ඇමතිවරු සදහා වැටුප් ගෙවීම් හා දීමනා නීති විරෝධී බැවින් එම සියලු ගෙවීම් අත්හිටුවන්නට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මේ අනුව ඇමතිවරුන්ගේ වැටුප්, ප්‍රවාහන, දුරකථන හා වෙනත් දීමනා මෙන්ම කාර්ය මණ්ඩලවල වැටුප් සහ දීමනා අ.්හිටුවා තිබේ. කැබිනට් ඇමති මණ්ඩලයක් නොපවතින තත්වයක් තුළ ඒ සදහා වියදම් ගෙවීම නීති විරෝධී බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. අධිකරණය විසින් ඇමති මණ්ඩලය අත්හිටුවන්නට අතුරු තහනම් නියෝගය දුන් දිනයේම ජනාධිපතිවරයා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරු කැදවා කළ සාකච්ඡාවේදී එම අමාත්‍යංශවල ගැටලු සම්බන්ධ තමන් සමග සාකච්ඡා කර තීරණය කරන ලෙස දැනුම් දී ඇත. එහිදී අමාත්‍යංශ හා වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරින් පිළිපැදිය යුත්තේ ජනාධිපතිවරයා හෝ ජනාදිපති ලේකම් විසින් ලබා දෙන නියෝග පමණක් බව අවධාරනය කර තිබේ. එසේම පරිපාලන ගැටලු සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සමගද මුදල් ගැටලු සම්බන්ධව මුදල් අමාත්‍යංශ ලේකම් සමගද සාකච්ඡා කළ යුතු බව දැනුම් දී ඇත.