රුහුණු සරසවි සිසු ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගනී
Posted on 07.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රුහුණ සරසවි සිසු ක්‍රියාකාරිකයෙක් අධ්‍යයන චාරිකාවක් අතරතුරදී දික්වැල්ල පොලිසිය විසින් අද(28) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති වීරසේකර මුදියන්සේලාගේ ලහිරු වේ. පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පරිශ්‍රය ඉදිරිපිට පැවති SAITM විරෝධී උද්ඝෝෂොණයකදී අනන්‍යතාවය තහවුරු කල නොහැකි වූ රහස් පොලිසියේ ඡායාරුප ශිල්පියෙකුගේ ක්‍රියාවලියට බාධා කිරීමක් පදනම් කරගනිමින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
කෙසේ වෙතත් ආණ්ඩුව දිගින් දිගටම ගැටළු මගහරිමින් ඒ සඳහා පිළිතුරු ලබා දෙනවා වෙනුවට විරෝධතාකරුවන් මර්දනය කරමින් අත්තොනෝමතික අයුරින් කරයුතු කරන බව පැහැදිලිව දක්නට ඇත.