Posted on 06.16.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් යුරෝ 2020 පාපන්දු තරගාවලිය සම්බන්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී කොකාකෝලා බෝතල් දෙකක් ඉවත් කිරීම ඇමරිකානු කොකාකෝලා කොටස් මිල ඩොලර් බිලියන 4 කින් පහත වැටී ඇත.
පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා තමා ඉදිරිපිට කොකාකෝලා සිසිල් බීම බෝතල් දෙකක් දුටු විට ඒවා කැමරා රාමුවෙන් ඉවතින් තබා ඒ වෙනුවට මේසය මත වූ වතුර බෝතලයක් ගෙන පෘතුගීසි භාෂාවෙන් “ජලය!” යැයි පවසා ඇත.
රොනාල්ඩෝගේ මෙම තනි වචනය ප්‍රකාශ කිරීමේ සිදුවීමෙන් පසුව කොකාකෝලා හි කොටස් මිල 1.6% කින් එනම් කොටසක වටිනාකම ඩොලර් 55.22 ක් දක්වා පහත වැටුණි. ඒ හේතුව නිසා කොකාකෝලා ව්‍යාපාරයේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 242 සිට ඩොලර් බිලියන 238 දක්වා ඩොලර් බිලියන 4 ක පහත වැටීමක් සිදුව ඇත.
යුරෝ 2020 තරගාවලියේ නිල අනුග්‍රාහකයෙකු වන කොකාකෝලා සමාගමේ ප්‍රකාශකයකු මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පවසා තිබුනේ “සෑම දෙනාටම ඔවුන්ගේ බීම රුචිකත්වයන්” හා විවිධ රසයන් ඇති බවය.