தமிழ்
English
Contact
Monday 6th May 2019    
ලංකාවට අවේනික මඩු විශේෂ දෙකක් සොයාගැනේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවට අවේනික මඩු විශේෂ දෙකක් සොයාගැනේ



ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.

මෙම විශේෂ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් සොයාගෙන නොමැති බවත්, මෙම විශේෂ ලෝකයට අලුත් මත්ස්‍ය විශේෂ වියහැකි අතර, තවදුරටත් මේ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන බවත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රභාත් ජයසිංහ පවසා තිබේ.

එම පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම මත්ස්‍යයන් නම්කිරීමක් නොකරන බවද හෙතෙම පවසා ඇත.

එමෙන්ම මෙම සමීක්‍ෂණය මගින් මෙතෙක් ශ්‍රී ලංකාව අවට මුහුදේ වාර්තා නොවුණු මත්ස්‍ය කීපයක් හඳුනාගැනීමටද එම ගවේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

මේ වනවිට ශ්‍රීලංකා මුහුදු තීරයේ ජලජ ජීවී සත්ත්ව විශේෂ 600ක්සිටින අතර,ඒ අතරින් මත්ස්‍ය විශේෂ 400කට වැඩි ප්‍රමාණයක් සිටින බවද අදාළ ගවේෂණයේදී කරුණු අනාවරණය කරගෙන තිබේ.

නෝර්වේ රජය සහ නාරා ආයතනය එක්ව මෙම සමීක්‍ෂණය සිදුකර ඇති අතර, එහි ගවේෂණ වාර්තාව පෙරේදා (28දා) ශ්‍රීලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

මේ සඳහා ඉතා දියුණු තාක්‍ෂණිකඋපකරණවලින් සමන්විත ෆ්‍රිජට් නැන්සන් (FRIDTJOF NANSEN) නමැති නෞකාව යොදාගෙන ඇති අතර,ලෝක ආහාර හ කෘෂිකර්ම සංවිධානයයේ ආධාර මත ශ්‍රී ලංකාව වටා මුහුදේ සිදුකළ මෙම අධ්‍යයනයට නාරා ආයතනයේ විද්‍යාඥයන්,ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්,ධීවර අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු නොර්වේ සාගර සහ ධීවර පිළිබඳ විද්‍යාඥවරු එක්ව තිබේ.




Related News