தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලංකාවේ තෙල් පිරිපහදු ආයෝජනය පිළිබඳ නිවේදනය ඕමානය ප්‍රතික්ෂේප කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ තෙල් පිරිපහදු ආයෝජනය පිළිබඳ නිවේදනය ඕමානය ප්‍රතික්ෂේප කරයි



ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් ලෙස තෙල් පිරිපහදු මධ්‍යස්ථනයක් ඉදිකරීමට සැලසුමක් ඇති බවට ආණ්ඩුව විසින් කරන ලද ප්‍රකාශය ඕමාන රජය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය අඟහරුවාදා(19) මාධ්‍ය හමුවකදී මෙරට බලධාරීන් සඳහන් කළේ ඕමාන ඛණිජ තෙල් අමාත්‍යංශයේ සහ ඉන්දියානු සමාගම් දෙකක එකතුවෙන් දිනකට තෙල් බැරල් 200000 ක් පිරිපහදු කළ හැකි තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් ඉදිකිරීමට එකඟ වී ඇති බවයි. එසේම මෙය හම්බන්තොට වරයට ආසන්නයේ ඉදිකෙරෙන බවද පැවසිණි.

ඛණිජ තෙල් අමාත්‍යංශයට සියයට 30ක කොටස් හිමිවන බවත් මෙම ව්‍යාපෘතිය ලංකාවේ විශාලතම ඍජු විදෙස් ආයෝජනය වෙනු ඇති බවද එහිදී සඳහන් කර තිබුණි. එසේම ඇතැම් මාධ්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 24 වනදා ඉහත ව්‍යාපෘතියට මුල්ගල් තබන බවද සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් ඕමාන ඛණිජ තෙල් අමාත්‍ය සලීම් අල්අවුෆි සඳහන් කර ඇත්තේ එවැනි ආයෝජනයක් පිළිබඳ ඕමානය නොදන්නා බවයි. තමන්ට මෙම කාරණාව පුවතක් ලෙස දැනගත් බවත් ඇමරිකානු ඩොලර් බිලියන 3.8ට ආදළ චෙක්පත අත්සන් කරන්නේ කවුරුන්ද යන්න තමන් නොදන්නා පවද ඔහු පවසා ඇත.