தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ලංකාවේ ප්‍රහාරය හා නවසීලන්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් ගැන තොරතුරු නැහැ - ජසින්ඩා ආඩේන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ ප්‍රහාරය හා නවසීලන්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් ගැන තොරතුරු නැහැ – ජසින්ඩා ආඩේන්



පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් පවසයි.

ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන පසුගිය අඟහරුවාදා(23) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මෙවන් දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.




Related News