Posted on 11.27.2020 by Sithara Sajeewani in ක්‍රීඩා පුවත් with 0 Comments
ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (26) ආරම්භ විය. එම තරගාවලියේ පළමු තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැත්විණි. එම තරඟයෙන් කලම්බෝ කින්ග්ස් කණ්ඩායම ජය ලබා තිබේ.
කලම්බු කිංග්ස්, කැන්ඩි ටස්කර්ස්, දඹුල්ල වයිකින්ග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ටස්කර්ස් ලෙස කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් දින 15ක් පුරා පැවැත්වෙන තරගාවලිය දෙසැම්බර් 16 වැනිදා නිමාවට පත්වන අතර, ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 23කි. මූලික වටයේ තරග 20ක් පැවැත්වෙන අතර, එහිදී සෑම කණ්ඩායමක්ම තරග 8කට ක්‍රීඩා කළ යුතුය. එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට එක් වෙයි.