Posted on 09.04.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ලංගම සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට සහයෝගය පලකරමින් උතුරු පළාතේ ලංගම සේවකයින් (4) වැඩවර්ජනයක නිරත වී තිබේ.
උතුරු පළාතේ වවුනියාව , මන්නාරම ,යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ ලංගම සේවකයින් , බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙලෙස සේවයෙන් ඉවත්ව සිටිති.
පසුගියදා (30) තංගල්ල ඩිපෝවේ සේවකයින් විසින් ද මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව වාර්තා විය. වර්ජනයේ නිරත ලංගම සේවකයින් පවසා සිටින්නේ තමන්ගේ ඉල්ලීම් සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයා සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු වැඩවර්ජනයේ නිරතවන බවයි.