Posted on 02.23.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ටෙන්ඩර් කැඳවීමකින් සහ ශක්‍යතා අධ්‍යනයකින් තොරව China Machinery Engineering Corporation (CMEC) නම් චීන සමාගමකට නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක බලාගාරයක් ඉදිකිරිම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන පරිදි CMEC යනු චීන රජයේ නම් කරන ලද ව්‍යාපාරයකි . එසේම කොන්ත්‍රාත්කරු සහ ලංකාවේ විදුලිබල මණ්ඩලය (CEB) අතර හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව එහි සඳහන් වේ.
CMEC චීන සමාගමට බලාගාරය ගොඩනැගීමට අමතරව එහි අයිතිය සහ ක්‍රියාත්මක කිරීමේ බලයද පවතින අතර මෙය ස්වාධීන බලශක්ති මිලදී ගැනීමේ (IPP) ගිවිසුමක් බව දක්වා ඇත. නමත් ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය, තීරුබදු හෝ ලාභ පිළිබඳ කැබිනට් තීරණයෙහි කිසිදු සඳහනක් නොමැත.
2019 වසරේ මෙම චීන සමාගම සමඟ එකතුවී මෙගාවොට් 990ක විදුලි බලාගාරයක් සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අදහස් කරගෙන සිටින බව දක්වමින් ලිපියක් නිකුත් කර ඇති නමුත් චීන අලුත් අවුරුද්ද සහ කොරෝන වෛරසය හේතුවෙන් එය අතරමඟ නැවතී නැත. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය සම්පුර්ණ කිරීමෙන් තොරවයි.
ක්විජය ව්‍යාපෘතිය “රජයෙන් රජයට” ව්‍යාපෘතියක් ලෙස සුදුසුකම් ලබන්නේද යන ප්රශ්නය ද මතුව තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය චීන රජය විසින් ලංකාවට ලබා නොදෙන්නක් නොවන අතර චීන රජය නම් කළ සමාගමක් විසින් ඉදිකරන්නකි.
ආණ්ඩුව රටේ විදුලි බල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලක් විජය බලාගාරයට අමතරව ලක්දනව් සමාගම මගින් කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ද්විත්ව බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 500 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද කෙරවලපිටිය මෙගාවොට් 300 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද මේ යටතේ ඉදිකිරීමට යෝජිත බව පසුගියදා වාර්තා විය .
කෙසේවෙතත් මිල අධික හදිසි විදුලි ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සියලුම ගෑස් හා ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට වසර හතරකට වැඩි කාලයක් ගත වන බැවින් මෙය අවසන් වීමෙන් පසු කුමක් සිදුවේද යන්න පැහැදිලි නැත.