Posted on 04.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලාංකික කාන්තාවන් 41 දෙනෙකු, සවුදි අරාබියේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයක මාස ගණනාවක් සිරගතව දුක් විඳින බව ‘ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය’ ප්‍රකාශ කරයි.
ශාපලත් ‘කෆලා ක්‍රමය’ හේතුවෙන් මේ ආකාරයට රඳවා සිටින කාන්තාවන්, ලංකාවෙන් බලධාරින් මැදිහත්ව ගෙන්වා ගැනීමක් සිදුවනතුරු අසරණව බලා සිටින බව ක්ෂමා සංවිධානය අනාවරණය කර ඇත.
මාස 8 සිට 18 දක්වා කාලයක් දක්වා රියාද් හි පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින කාන්තාවන්ගෙන් තිදෙනෙකු කුඩා දරුවන් ද සමඟ රඳවාගෙන සිටින අතර, එක් කාන්තාවකට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වී ඇත. සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් කෆාලා (අනුග්‍රාහක) ක්‍රමය නිසා පත්වන ඉරණම සම්බන්ධයෙන් මේ සිදුව ඇති දේ පැහැදිලි නිදසුනකි.
සංක්‍රමණික ගෘහ සේවිකාවන් කම්කරු නීතිවලින් ආරක්ෂා කිරීම මෙන්ම මෙබඳු තත්නයකදී වහා ක්‍රියාත්මකවීම ලංකා බලධාරීන් වෙතින් සිදුවිය යුතු බව පවසන ක්ෂමා ආයතනය, රැඳවුම් භාරයේ පීඩා විඳින කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් දැනුම් දී නොමැති බවද නීතිඥ සහාය සඳහා අවස්ථා ලබා දීම හෝ කොන්සියුලර් ආධාර සඳහා පහසුකම් දී නැති බවද පෙන්වා දෙයි.