தமிழ்
English
Contact
Monday 6th May 2019    
ලෝකෙ කොහෙ හිටියත් අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලනවා - ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකෙ කොහෙ හිටියත් අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලනවා – ජනාධිපති



අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියට ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වී යළි රතු වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහු ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ(06) මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ඔහු මේ අදහස් පළකර තිබේ.

ඇතැම් මාධ්‍ය පමණක් නොව සමහර දේශපාඥයන්ද තමාට පොලිස් බලතල තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරන බවද අපේ රටේ සිටියා නම් ඔහු අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නා බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන් කළ හැකි සියලු දේ කළ බවයි.