Posted on 06.22.2018 by Nishshanka in ක්රීඩා පුවත් with 0 Comments
ලොක කුසලාන පාපන්දු අජෙන්ටිනාව පරදා ක්රෝඒසියාව ජය ගනී
ඊයේ පැවැති ලොක කුසලාන පාපන්දු ඩී කාණ්ඩයේ ආජෙන්ටිනා හා ක්රෝඒසියාව අතර තරගයෙන් 3-0ක් ලෙස ආජෙන්ටිනාව පරාජය කිරීමට කොස්ටාරිකාව සමත්විය.
ක්රෝඒසියාව කණ්ඩායම හමුවේ මෙසේ පරජයවූ ආජෙන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට තේරීමට මේ දක්වා නොහැකිව තිබේ.
ඔවුන් නියෝජනය කරන කාණ්ඩයේ පැවැති තරග දෙකකින්ම මේ වන විට ආජෙන්ටිනා කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් මෙම තත්වය ආජෙන්ටිනා කණ්ඩායම පත්ව තිබේ. ලොව පාපන්දු කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් කිහිපය අතරට ආජෙන්ටිනා කණඩායමද අයත්වේ.
ආජෙන්ටිනා කණ්ඩායමේ ජනප්රියම ක්රීඩකයා ලෙස සිටින ලයනල් මෙසීට මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් පෙන්වීමට නොහැකිවීම පිළිබදව බොහෝ ක්රීඩා විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.