Posted on 10.05.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ලෝක චෙස් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස රුසියාවේ අකාර්ඩ් ඩොවර්කොවිච් පත්ව ඇති බව ිවිදෙස් මාධ්‍ය පවසයි.
ජොර්ජියාවේ බටුමි නගරයේ පැවැති ලෝක චෙස් සම්මේලනයේ මහ සැසියෙන් පසුව පැවැති නව සභාපතිවරයකු තොරාගැනීමේ ඡන්දයෙන් රුසියානු ජාතික අකාර්ඩි ඩොවර්කොවිච් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකාර්ඩි ඩොවර්කොවිච් එරට හිටපු උප අගමැතිවරයකුද වේ. මීට පෙර සිටි සභාපතිවරයා ද රුසියානු ජාතික ක්‍රිෂාන් ඉලියුමිෂිනොව්ය. ඔහු වසර ගණනාවක් සභාපතිධුරයේ සිටි අතර පසුව ඉල්ාලා අස්විය.
වසර 20කින් පසුව මෙසේ නැවත රුසියානු ජාතිකයකු පත්ව අති බවද එම වාර්තා පෙන්වා දේ.
මීට පෙර සිටි සභාපතිවරයා වන ක්‍රිෂාන් ඉලියුමිෂිනොව්ය රුසියානුවකු වන අතර ඔහුට එරෙහිව සිරියානු ජනාධිපතිවරයා සමග පැවැති ගනුදෙනු පිළිබදව චෝදනා එල්ල කොට එ.ජනපදය විසින් ඔහුට එරෙහිව සම්බාධක පැනවීය.
මේ හේතුවෙන් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය.