தமிழ்
English
Contact
Saturday 4th May 2019    
විකට නළු බිල් කොස්බි හිරේට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විකට නළු බිල් කොස්බි හිරේට



ලොව පුරා ජනප්‍රිය විකට වැඩ සටහන් නළුවකු ලෙස දිගු කළක සිට කටයුතු කරන බිල් කොස්බි ස්ත්‍රී දූෂණ අපචාර චෝදනාවකට වරදකරුවී දස වසරක සිර දඩුවම් නියම කර ඇති බව වාර්තාවේ.

ඇමෙරිකානු විකට නළු බිල් කොස්බිට මෙම දඩුවම් නියම කර ඇත්තේ මීට වසර 10කට පෙර ඔහු සේවය කළ ආයතනයේ සේවිකාවක්වූ ඇන්ඩ්‍රියා කොන්ස්ටන්ඩ්ට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරද කරුවීමෙනි.

පෙන්සෙල්වෙිනියා අධිකරණය විසින් නොබෝදා බිල් කොස්බිට මෙසේ දස වසරක සිර දඩුවම වසර තුනකින් ගෙවී යන ලෙස නියම කළේය.

බිල් කොස්බි මේ වන විට 81 වියැති වියේ පසුවේ. 1980-1990 යන වසරවල ඔහු විසින් ඉිදිරිපත් කළ කොස්බි ෂෝ වැඩසටහන එරට ජනප්‍රියතම විකට වැඩසටහනකි.




Related News