Posted on 02.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘ජාතික විගණන සේවය’ ස්ථාපිත නොකිරීම නිසා ඇතිවූ කළකිරීම් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි දක්‍ෂතම නිලධාරීන් 80 දෙනකු පමණ පසුගිය මාසයේදී ඉන් ඉවත්ව වෙනත් තනතුරු සඳහා ගිය බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.
ඔහු පවසන්නේෙ විගණන පන ගෙන එන්නට බාධා කළවුන්ම දැන් පනතට අනුව වියයුතු පරිදි ‘ජාතික විගණන සේවය’ ගොඩනැගීමට බාධා කරන බවය.
විගණකාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
ජාතික විගණන සේවය ගොඩනැගුණු පසු විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත්වන බව කී ගාමිණී විජේසිංහ විගණන සේවය ශක්තිමත් වීම තමන්ගේ වංචා දූෂණවලට බාධාවක් නිසා ඇතැම් නිලධාරීන් එයට විරුද්ධ බව ද කීවේය.
රාජ්‍ය විගණන සේවය ස්ථාපිතවීම හරහා නිලධාරීන්ට දිය යුතු පහසුකම් දීමට නොහැකි වීමෙන් ඇතැම් නිලධාරීන් තුළ කළකිරීමක් ඇතිව තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ යම් ගැටලූ තිබෙන බව කී විගණකාධිපතිවරයා මේ වන විට එයට තිබෙන්නේ අඩු රාජකාරී ප‍්‍රමාණයක් බැවින් විශාල මුදලක් වැය කර කාර්ය සාධනයක් නොමැති ආයතන පවත්වාගෙන යාමේ තේරුමක් නැතැයි නිසා ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී මේ පිළිබද නැවත සිතා බැලිය යුතු බව යෝජනා කරන බව ද සඳහන් කළේය.
දේශපාලන ඇගිලි ගැසීමකින් තොරව කටයුතු කරගෙනයාමේ හැකියාව විගණකාධිපති කාර්යාලයට ලබාදී එය ශක්තිමත් කළා සේම දාමයේ සියලූ පුරුක් ශක්තිමත් කළ යුතුයැයි හෙතෙම කියා සිටියේය.
දෙපාර්තමේන්තුව මගින් වසරකට වාර්තා 1500ක් පමණ නිකුත් කළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ වාර්තා දෙකක් වැනි ප‍්‍රමාණයක් බවදපාර්ලිමේන්තු රැස්වන දිනවලින් මාසයකට දින දෙකක්වත් විගණකාධිපති වෙනුවෙන් වෙන් කළ යුතු බව තමා යෝජනා කරන්නේ යැයිද කීවේය.
එසේම තම දෙපාර්තමේන්තු වාර්තා මගින් වරදකරුවන් ලෙස හෙලිදරව්කරන පුද්ගලයන්ට ඊළඟ දවසේ උසස්වීම් ලැබෙන අවස්ථාත් තිබෙන බව කී විගණකාධිපතිවරයා එවිට වාර්තාවල වටිනාකම නැතිවන බව ද ප‍්‍රකාශ කළේය.